පවසන්නට පෙරුම් පිරූ දහසක් දේ හිතේ තිබුණත්, දෙතොල් අතරේ සිරවී ගොස් ගොළු වූ ඒ වදන් පෙළ…

අද කඳුළු බිඳක් වී වැගිරෙයි, ලෝකයට රහසින් මම කියන කතාවක් ලෙසින්.

නුඹ නික්ම යන මාවත දෙස බලා ඉමි මම නොසැලී තවම, සමුගන්නට වචනයක්වත් ඉතිරි නොකරම නුඹ ගිය දින…

කම්මුල දිගේ රූරා වැටෙන කඳුළු බිඳක් කතා කරයි, නුඹට නොඇසෙන මගේ රිදුම ගැන.

සිනහවෙන් වසාගෙන සිටියත් ලෝකයට පෙනෙන මගේ මුහුණ, තනිකමේ හෝරාවන් මැද සොයමි මම මගේ සැබෑ රුව…

දෙනෙත් කෙළවර ලැගුම් ගත් කඳුළු බිඳක් කතා

ශ්‍රියානි ජයවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *