විසිතුන් වසරක් රියදුරෙක්මි,
දරුවන් සතරකට පියා වීමි,
බාලයා දෙහැවිරිදි ය,
බිරිඳද නොමැති මම සමා අයැදිමි,
ස්වාමීණී,මම පළමු විත්තිකරු
පවුල වෙනුවෙන් බොහෝ වෙහෙසෙමි,
සහෝදර සහෝදරියන්ට උගන්වමි,
පියා වයෝවෘද්ධ ය,
මින් පිටත ඔහු ද බලාසිටින බැව් දනිමි,
ස්වාමීණි,මම සතරවන විත්තිකරු
වියෝ වූ සහෝදරියගේ දරුවන් ද රැක ගනිමි,
දරුවන් පස් දෙනෙකුට පියා වීමි,
ඒ ජීවිත අසරණ ය,
මට මෙන්ම ඔවුනට ද මරණ දඬුවම අයැදිමි,
ස්වාමීණි,මම පස්වැනි විත්තිකරු
විත්ති කූඩුව අඳෝනාවෙන් පිරුණි,
විදුලි බුබුළු විදුලි පංකා නිවා දැමුණි,
ඉතිහාසගත තීන්දුවක් ය,
ගම්පහ අධිකරණය ද නිහඬ වුණි,
අහෝ! දෙවියනි , දොළොස් දෙනෙකුට මරණ දඬුවම ..
අ මා යා