” පාළු ගෙදර හොල්මනක් ඉන්නවා. උඩ තට්ටුවේ ඉදල හුස්ම ගන්නවා ඇහෙනවලු” පුවත් පත මිලට ගන්න කඩමංඩියට පිවිසුනු මගේ කන වැටුනේ මේ පුවතයි. එවිට වැඩි උනන්දුවකින් ඇහුන්කන් නොදුන් මා යලි කුලී නවාතැනට පැමිනෙන විට කල්පනා කරන්නට වූයේ මේ පිලිබදවයි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන මට ඇති වගක් නැත. කොටින්ම පැවසුවොත් කිසිම දෙයක් ගැන මට දැන් වගක් නැත. එයටද හේතුවක් ඇත. මගේ මතකයට අනුව කුඩා කල මා දීප්තිමත් උනන්දුව ඇති ළමයෙක් වීමි. නමුත් පාසල් දිවිය නිමාවී සමාජයට ඇතුල් වූ වහා පාසල් සමයේ සුන්දරත්වය එහි දක්නට නොලැබුනි. පලමුව ඔවුන් මා සිනාමුසු මුහුනෙන් පිළිගත් නමුත් කල් යනවිට මා තුලින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න බව මට පසක් විය. එපමනක් නොව විශාලම ඛේදවාචකය වූයේ ඔවුන් මගෙන් මාව පැහැරගැනීමය. එය ආරම්භ වූයේ මා සතුව ඇති මුදල්මය වටිනාකමකින් යුත් දේ අයිති කර ගැනීමෙනි. පසුව එය මට ජීවත් වීමට තිබු කාලය උදුරාගැනීමකට තරම් දියුනු විය. නිතරම මට අන් අයගේ අවශ්‍යතා ඉටු කිරීමට කාලය වෙන් කිරීමට සිදු විය. ඉන් පසු මගේ රුකියාව පිලිබදව මට තිබූ අයිතිය ඔවුන් උදුරා ගත්හ. ඔවුන් එය මුසා බස් මගින් හා කේලම් කීම මගින් ඉටුකර ගැනුනි. ඉන් අපහසුතාවයට පත්ව සිටින කාලයේ ඔවුන් මා උනන්දු වූ තරුණියද මගෙන් ඈතට ගෙන ගියහ. ඉන් නොනැවතුනු ඔවුන් මගේ අවසන් ඉතිරිය වූ අනාගත අපේක්ශාවන්ද ඔවුන් සොරා ගත්හ. අවසානයේ ජීවිතය ගැන කළකිරුනු මා ඉන් මිදීමට තීරණය ගත් කල සමාජය ඒ අයිතියද අහිමි කලේ” තමන්ගේ පන නසා ගන්නා තැනැත්තා සැබෑම බියගුල්ලෙකුය ” යැයි පැවසීමෙනි. ජීවත් වීමට කිසිදු අපේක්ශාවක් නොමැති වුවත් මා හට සිදුවී ඇත්තේ තව දුරටත් මේ ජීවිතයේ රුදී සිටීමටය. එම නිසා ජීවිතය ගැට ගසාගන්නට තරම් ප්‍රමාණවත් වූ කිසිදු දියුනුවක් නොලබන රුකියාවක් කරමින් මා කල් මරමින් සිටිමි. ඉහත කී පුවත මා හට අසන්නට ලැබුනේ මේ අතරය.
මා ඒ නිවස පිළිබදව පෙර දැනගෙන සිටියෙමි. මදක් නවීන තාලයට නිමැවුනු මහල් දෙකකින් සමන්විත ඒ නිවස වඩා විශාල නොවීය. කලක පටන් කුලී නිවැසියන් එහි පදිංචි වුවත් වැඩි කල් නොගොස්ම ඒ නිවසින් ඉවත් විය. එයට ඉහත පුවත හේතුවක් වන්නට ඇත. මා හට මෙතෙක් කල් විසූ කුලී නිවස භාර දීමටද කාලය එළඹ ඇත. රුකියාවට සහ මගේ ආර්ථිකයට ඉහත නිවස මනා ලෙස ගැලපුනි. අත්භූත ක්‍රියාවන් ගැන මට වගක් නොනැති නිසා ඒ නිවසේ වාසය කිරීමට මා තීරණය කලෙමි.
නිවාඩු දිනයක උදය වරුවේ අවශ්‍ය ද්‍රව්‍ය රුගෙන පදිංචි වූ මා පිටතින් කෑමද රුගෙන නිවසට පැමිනියේ එහි පළමු රාත්‍රිය ගත කිරීමටය. ඉහත මාලය කාමර දෙකකින් යුක්ත වූ නිසා මා මාර්ගයට මුහුන නොදැමූ කාමරට තෝරාගත්තෙමි. නමුත් ශබ්ද එනවා යැයි කියූ කාමරය අනෙක විය. එය තෝරා නොගැනීමට හේතුව වූයේ මාර්ගයට නිරාවරණය වූ විශාල ජනේලයි. මට අවශ්‍ය වූයේ හුදකලාවේ වාසය කිරීමටය. එයට මාර්ගයට මුහුන දැමූ ජනේල බාදාවකි. මද වෙලාවකින් කාමරයෙන් අඩි ශබ්දයක් සග තරුණියකගෙ සිහින් සිනා හඩක් ඇසුනි. කුතුහලයට පත් වූ මා එම කාමරයට පා නැගීමි. විදුලි පහන්ද නොදැල්වූ මා කාමරයට පිවිස දෑස් මදක් අදුරට හුරු කරගත්තෙමි. නමුත් එහි කිසිත් දැක්නට නොලැබුන නිසා එහි තිබූ දැව ආසනයක අසුන් ගත්තෙමි. මද වෙලාවකින් සිහින් හඩක් නික්මුනි.
ඔබ කවුරුන්ද ?? නිහඩතවය මැදින් නැගුනු හඩේ පැනයයි.
ජීවිතයේ අන්තිම අඩියට පිවිස ඇති මා ඒ හඩට බියක් ඇති වූයේ නැත. නමුත් කුතුහලය උපරිම තලයකට නැගුණි. මා කිනම් පිළිතුරක් දෙම්ද? නම , වයස හෝ රුකියා ස්ථානය පවසන්නද?? එය ආත්මයකට අවශ්‍ය පිළිතුරක් නොවේ.
” මා බිදුනු මනුශ්‍යයෙක්මි “අවසානයේදී මගේ පිළිතුරයි
“ආහ්…!! කොතරම් අවාසනාවන්තද. මනුශ්‍ය ජීවිතයක් ගත කරන අතරම තමන් පරජිත බිදුනු චරිතයක් යැයි පවසන්නට තරම්”.
ඇගේ හඩින් මට ඇසුනි
” ඔබ කවුරුද ? “මෙවර පැනය මා වෙතිනි
” මා මනුශ්‍ය ජීවිතයක් ලැබ එය විදින්නට අවස්ථාවක් නොලැබම තුරුණු අවධියේම ජීවිතයට සමුදෙන්න උනු අවාසනාවන්තියක්මි.”
” අවාසනාවන්තියක් ? එසේ නැත ඔබ තරුණ වයසින්ම නික්මීම නිසා මේ සමාජයේ රුවටිලිකාර ආත්මාර්ථකාමි කොටස දැක නැත. මා එය විදිමින් හෙම්බත් වී සිටිමි. ඉතින් දැන් කියන්න කවුරුන්ද අවාසනාවන්ත ? “මම බිදුනු හඩින් පැවසුවෙමි.
” පෙනෙන හැටියට ඔබගේ අපේක්ශාවන් ඉටුවී නැති හැඩයි. මා මියගිය පසු මිනිසුන් දෙස බලා බොහෝ දේ ඉගෙන ගෙන තිබේ. කිසිවෙකුට සැගවිය නොහැකි තරම් ඔවුන්ගේ ඇත්ත මා දැක තිබේ. එය මා ලබා ඇති ආත්මයෙ ඇති එක් වාසියකි. දහවලේදී අන් අයට සිනාමුසු මුහුනු පෙන්වන අය රාත්‍රිය එලබෙන විට තමන් නොලැබ අන් අයට ඇති දේ ගැන සිතමින් ශාප කරන අයුරු මා දැක ඇත. තමන්ගේ වාසිය සදහා සත්‍ය සගවා බොරු කියන මිනිසුන් මා දැක ඇත. නමුත් මුලුමනින්ම අයහපත් වූ හෝ සැබෑම පරමාදර්ශී මිනිසුන් ලෝකයේ කොතැනකදීවත් මා දැක නැත. එය මනුශ්‍ය ස්භාවයයි. එය තේරුම් ගැනීම තුලින් ජීවිතය විදවනවාට වැඩිය විදීමට හැකිබව මා විශ්වාස කරමි. “අදුරු හඩේ පිළිතුරයි
” ඔබට සෑම දෙයම දැනගත හැකි නිසා එසේ පවසනවා යැයි මම සිතමි. නමුත් මා මනුශ්‍යයෙක් ලෙස ජීවත් වෙන නිසා ඒ පිලිබදව අනාවරණය කර ගැනීමට අපහසුය. ඉතිරි වී ඇත්තේ ඔවුන් පෙන්වන දේ තුලින් පමනක් තීරණ ගැනීම පමනි. ඔබට මනුශ්‍ය ජීවිතයක් ලැබුනහොත් කුමක් කිරීමට බලාපොරොත්තුවේද ? ” යලිත් මා කෙරෙන් නැගුන ගැටළුවයි.
” මට ලැබී ඇති දැනිමෙන් මා මනුශ්‍ය ජීවිතයක් ලැබුනහොත් ජීවිතය ගැන විශාල අපේක්ෂාවන් තුල නොගැල්වෙමින් සිත සතුටින් සිටීමට මා උත්සාහ කරනු ඇත. විශාල අපේක්ෂාවන් නොමැතිව සිත සතුටින් සිටින පුද්ගලයාට කිසිවෙක බාදා කිරීමට හෝ එයට එරෙහි වීමට හැකියාවක් නැත. එසේ වන්නේ අන් අය ඔහුට වඩා ලොකු අපේක්ෂාවන් පසුපස සිත් යොමා සිටින හෙයිනි. නමුත් මා වැදගත් කොට සලකන්නේ විශාල අපේක්ෂාවන් නොව සිතෙහි සතුටයි. එය අන් අය මත්තේ යැපෙමින් නොව තමා තුලින්ම උපදවා ගැනීම සිදුකල යුතුය. එවිට ජීවිතය විදීමට හැකි යැයි මා සිතමි “. ඇගේ උදාර වු හඩින් නික්මුනි.
” එතකොට ආදරය ගැන ? ඔවුන් මා තරගයෙන් අසමත් වූ නිසා මා සිත් ගත් තරුණිය අයිති කරගත්තා. ඇ මගෙන් බලාපොරොත්තු වූ දෙවල් තිබෙන්නට ඇති, නමුත් මා සතුව ඒ දේවල් නැති නිසා මට තරගයට එලඹි ඇයව අයිති කර ගැනීමට නොහැකි වුනා. ” යලිත් මගේ බිදුනු හඩයි.
” අයිතිකර ගැනීම ආදර යනුවෙන් ඔබට පැවසුවේ කවුරුන්ද ? තමන්ගේ ලග ඇති මුල්‍යමය වටිනාදේ පෙන්වා ඇයව අත්පත් කර ගැනීම ආදරය දිනාගැනීමක් ලෙස ඔබ වටහගෙන ඇතිදේ නිවැරදි නැත. එයද මා ඔබට පෙන්වූ කෝණයෙන් බලන්න. එවිට ඔබට වැටහේවි පුහු ආදරයක් ලබන කෙනාට වඩා ආදරය පතුරවන කෙනා සතුටින් සිටින බව. එවිට පෙරලා ඔබ කෙරෙහි සැබෑ ආදරය පැමිනෙනු ඇත. මා එසේ ආලය දෙන්නට උත්සාහ කල නමුත් මනුශ්‍යන් මා අමුනුශ්‍යයෙක්, හොල්මනක් යැයි කියා මගෙන් පලා ගියහ. දැන් මගේ එකම අපේක්ශාව මා ලබාගත් දැනුම තුලින් මනුශ්‍ය ජීවිතයක් ලැබුන කල්හි සිත සතුටින් අන් අයටද ආලය කරමින් ජීවත් වීමටය.” ඇගෙ සතුටු හඩ නික්මුනි.
” ඔබ පවසන දේ අසත්‍යක් යැයි කීමට මට හැකියාවක් නැත. ඔබ මට වඩා ජීවිතය අධ්‍යනය කර ඇති හැඩයි. නමුත් මා මේ මනුශ්‍ය ජීවිතයට වඩා ඔබගේ ජීවිතයට ප්‍රියයි. තරගයක් නැත. කිසිදු බාදවක් නැත. කොටින්ම කිවහොත් මාගේ අවසන් අපේක්ෂාවයි. ඔබගේ අපේක්ෂාව මනුශ්‍ය ජීවිතයකි. එය විදීමට ඔබට කැමැත්තක් ඇත. මා මේ ජීවිතය විදිනවාට වඩා විදවා ඇත. ඒ නිසා මගේ අපේක්ෂාව ක්ෂුන්‍යත්වයයි. මට අවැසි ඒ සුවය විදීමටය. එනම් අවසානයයි. අප දෙදෙනා ගිවිසුමකට එලෙඹෙමු ඔබ මා තුලින් මනුශ්‍ය ජීවිතය ලැබ ජීවිතය විදින්න, මා ඔබ තුලට පිවිස මනුශ්‍ය ජීවිතයේ විදීම අවසන් කරගන්නම්.
එදින පටන් ඔවුන් දෙදෙනා ජීවිතය සහ ජීවිතයේ අවසානය හුවමාරු කරගත්තාදැයි කිසිවෙකු නොදනී. එක්කෝ ඔවුන් හුවමාරුව කරගත නොහැකිව තවමත් තැවෙමින් කල් ගෙවනවා වන්නට ඇත. නැතහොත් හුවමාරුව සාර්ථක ලෙස ඉටු කරගෙන අප අතරම ජීවත් වෙනවා වන්නට හැක.
නිමි.