නීතියේ බෞද්ධ පදනම (පළමු දිගහැරුම)

“බොහෝ ගංඟා පැනනගින්නේ එකම දිය කඳුලකිනි”.

මේ සංකල්පය මත පිහිටා නීතිය දෙස බැලීමේදී ද ප්‍රත්‍යක්ෂ වන කාරණයනම් නීතියේ සම්භවයද විවිධ වූ ආගම් සහ දර්ශන ඔස්සේ ස්ථාපනයවූවක් බවය. ඒ අතරිනුත් නීතිය බුදු දහමත් සමඟින් සමපාත වෙමින්වර්ධනය අවස්ථා පිළිබඳව, බෞද්ධ දර්ශනය තුළින් ඉස්මතු වෙනඅවස්ථා ඉතාමත් දර්ශනීයයි.

බුදු දහමට අනුව ‘වරද’ යන්න ප්‍රධාන වශයෙන් ‘අකුසලය’ සහ ‘පාපය’ යනසංකල්ප ඇසුරින් විග්‍රහ කළ හැකියි. යම් ක්‍රියාවක් වරදක් ලෙස තීරණයවන්නේ එම ක්‍රියාව සිදු කරන පුද්ගලයාගේ චේතනාව (Intention) සහඑමඟින් ලැබෙන ප්‍රතිඵලය මතයි. බුදු දහමේ වරද හඳුනාගත හැකිප්‍රධාන නිර්ණායක කිහිපයක් පහත දැක්වේ:

➢ අකුසල මූලයන් (The Roots of Evil)

යම් ක්‍රියාවක් වරදක් වන්නේ එය පහත සඳහන් අකුසල මූලයන්ගෙන්එකක් නිසා සිදු වේ නම් පමණි:

ලෝභය: දැඩි ආශාව හෝ තණ්හාව.

දෝෂය: තරහව, වෛරය හෝ ක්‍රෝධය.

මෝහය: නොදැනුවත්කම හෝ මෝඩකම (ඇත්ත ඇති සැටියෙන්නොදැකීම).

➢ 2. තමාට සහ අන් අයට වන හානිය

බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී සහ අම්බලට්ඨික රාහුලෝවාදසූත්‍රයේදී වරදක් යනු කුමක්දැයි පැහැදිලි කර ඇත:

ආත්ම ව්‍යාබාධය: තමාට පීඩාවක් හෝ හානියක් වන ක්‍රියා.

පර ව්‍යාබාධය: අන් අයට පීඩාවක් හෝ හානියක් වන ක්‍රියා.

උභය ව්‍යාබාධය: තමාට සහ අන් අයට යන දෙපාර්ශවයටම හානිදායකවන ක්‍රියා.

➢ 3. දස අකුසල කර්ම

සමාජීය වශයෙන් සහ පුද්ගලිකව සිදු කරන ප්‍රධාන වැරදි 10 ක් බුදුදහමේ පෙන්වා දෙයි:

කායික වැරදි: සතුන් මැරීම, සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය.

වාචසික වැරදි: බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචනකීම.

මානසික වැරදි: අභිජ්ඣාව (අනුන්ගේ දේට ලෝභ කිරීම), ව්‍යාපාදය(අනුන් නැසේවායි සිතීම), මිච්ඡා දිට්ඨිය (වැරදි දැකීම).

මීළඟට වරද පිළිබඳ නීතිය තුළින් සපයා ඇති නිර්ණායක කවරේදැයිවිමසා බැලුවොත්,

පළමුකොටම නීතිය තුළින් වරද සහ දඬුවම අපිට පෙන්වා දෙන්නේ දණ්ඩනීති සංග්‍රහයෙනි. එය නීතිය පරිශීලනයේදී අපට හමුවන මූලික සහප්‍රධානතම  ලියවිල්ලක්.

දණ්ඩ නීති සංග්‍රහයට අනුව, යම් ක්‍රියාවක් වරදක් බවට පත්වීමට එමක්‍රියාව කායික අංගය Actus Reus (Guilty Act) සමගින්ම මානසිකඅංගයෙන් Mens Rea(Guilty Mind) ද සමන්විය යුතුයි. 

“චේතනාහං භික්කවේ කම්මං වදාමි” ලෙස බුදු දහමේ මූලිකමඉගැන්වීම තුළින් පැහැදිලි කරන්නේද සිතිවිල්ල සහ ක්‍රියාව වරද සමග සම්බන්ධ වන ආකාරයයි. චේතනාවකින් සමන්විත ක්‍රියාවක ප්‍රතිඵලයක්කර්මය ලෙසින් හුවා දැක්විය හැකි මෙන්ම මානසික අංගයකින් සහිතවැරදි ක්‍රියාවක් වරදක් ලෙසත් ඊට ලැබෙන දඬුවම කර්මය ලෙසත්, නීතියට අනුව දඬුවම ලෙසත් හඳුනාගත හැකිය.

එසේම දඬ නීති සංග්‍රහය හතරවන පරිච්ඡේදයේ සාමාන්‍ය ව්‍යතිරේකයටතේ මානසික අංගයකින් තොරව හුදෙක් ක්‍රියාවෙන් පමණක් සිදුවූ යම්ක්‍රියා වැරදි ලෙස පිළිගත නොහැකි බවත් ඊට හේතු කාරණා දක්වා තිබීමතුළ නීතිය බුදුදහමත් සමග ගලායාම මනාව පැහැදිලි වේ.

එසේම සිත කය වචනය යන තුන් දොරෙන් සිදුවන වැරදි මෙන්මතමාගෙන් අනුන්ට සමාජයට සිදුවන වැරදි විවිධ සූත්‍ර දේශනාවල විවිධඅවස්ථාවන්හිදී බුදු දහමේ පෙන්වා දෙන්නා සේම, නීතිය හා සසඳාබැලීමේදී දණ්ඩ නීති සංග්‍රහයේ මනුෂ්‍ය ශරීරයට එරෙහිව  , දේපලටඑරෙහිව,  රජයට සහ මහජන සාමයට එරෙහිව,ආගම් වලට එරෙහිව, මහජන සෞඛ්‍යයට ආරක්ෂාවට පහසුකම්වලට ආකාරයෙන් මානවසමාජයේ සහ ජීවිතයේ විවිධ අවස්ථාවන්ට එරෙහිව සිදුකරනු ලබනවරදකාරී ක්‍රියාවන් පිළිබඳව පෙන්වා දී තිබෙනවා. ඒ අනුව වරද, නීතිය සහ බුදුදහම එකම කාසියක දෙපැතතක ලෙස තේරුම් ගැනීමට පසුබිම් සකසනවාය යන්න  පැහැදිලි වේ. මේ අනුව නීතිය බුදුහදමෙන් වෙන් කර කතා කළ හැකි විෂයකට වඩා එකිනෙකට බද්ධ වෙමින් අර්ථ ගන්වන විෂයන් බව නිරීක්ෂණය වේ.

කෙතාරා ජයසඳි

නීති ශිෂ්‍ය (පළමු වසර)

2026.02.08

Leave a Reply

Your email address will not be published. Required fields are marked *